ප්‍රමුඛ පුවත 1

තැපැල් සේවකයින්ගේ නිවාඩු අද සිට අවලංගුයි [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලූ තැපැල් සේවකයින්ගේ නිවාඩු අද සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.

තැපැල්පති රංජිත් ආරියරත්න පවසන්නේ ඊට අදාළ චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර ඇති බවයි.

මෙවර තැපැල් දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානවල නිලධාරීන් ද ජනාධිපතිවරණයේ ඡන්ද කටයුතු වල රාජකාරි සඳහා අනුයුක්ත කර ඇත.

ලබන මස 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව තැපෑලෙන් ජන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයින් හය ලක්ෂ 59 දහස් 514 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත මළු හෙට දිනයේ රාජ්‍ය ආයතනවලට නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමගි ජන බලවේගයේ ලකුණ පිළිබඳ අවසන් තීරණය අද

Mohamed Dilsad

තංගල්ල හිටපු නගරාධිපති යළි රිමාන්ඩ්

Mohamed Dilsad

කටාර් සංචාරකයන්ට දැමු තහනම ගැන සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා කරුණු දක්වයි

Mohamed Dilsad

Leave a Comment