ප්‍රමුඛ පුවත 1

නිල සංචාරයක් සදහා ජනපති ජපානයට

(UTV | කොළඹ) –  ජපානයෙන් ලද නිළ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තුන් දින නිල සංචාරයක් සඳහා අද (21) දිවයිනෙන් පිටත්ව ගියේය.

ඒ , ජපානයේ අධිරාජ්‍යයා ලෙස පත් වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යය වෙනුවෙන් සහභාගි වීම සදහායි.

ජනාධිපතිවරයා ඇතුලු 21 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් මෙම සංචාරය සඳහා පිටත්ව ගොස් තිබේ.

මෙම අභිෂේක මංගල්‍යය ටෝකියෝ හි ඉම්පීරියල් රජ මාළිගයේදී හෙට (22) දිනයේදී පැවැත්වෙනු ඇත.

ජපාන නව අධිරාජ්‍යාගේ අභිෂේක මංගල්‍යය සදහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ප්‍රබල රාජ්‍ය නායකයින් රැසක් සහභාගි වීමට නියමිතය.

ජපාන අධිරාජ්‍යයා විසින් පිරිනමන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද රාජ්‍ය නායකයින් එක්වීමට නියමිතයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිවරණයේ තවත් නිරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් දිවයිනට

Mohamed Dilsad

විදේශීය මත්පැන් ළඟ තබාගත හැකි උපරිම සීමාව ලීටර් 80 යි

Mohamed Dilsad

අපරාධ සංවිධානවල ක්‍රියාකාරකම් පාලනය කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment