ප්‍රමුඛ පුවත 1

දක්ෂිණ අධිවේගයේ අනතුරක් – වේගය සීමා කරන්නැයි දැනුම් දීමක්

(UTV | කොළඹ) – වර්ෂාව සහිත කාළගුණය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන පැයට කිලෝමීටර 60 ක වේගයකින් ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙයි.

අද (21) පෙරවරුවේ ගාල්ල සිට කොළඹ දෙසට ගමන්ගත් වාහන 06 ක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප්‍රදේශයේදී අනතුරට ලක්විය.

මාර්ගය අපැහැදිළි වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර , පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ දියණිය ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයද අනතුරට ලක්ව තිබේ.

මෙහිදී බස් රථයක්, වෑන් රථ දෙකක්, මෝටර් රථ දෙකක් සහ ජීප් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි ගැලණිගම පොලිසිය ප්‍රකාශ කළේ.

අනතුරු හේතුවෙන් මාර්ගයේ ගමන්ගත් වාහන විනාඩි කිහිපයක් නතර කර තැබීමට සිදුවූ බවත් පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය ධාවනය අද සිට යළිත් යථා තත්ත්වයට

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථිපල පිළිබඳ අභියාචනා ඉදිරිපත් කළ හැක

Mohamed Dilsad

අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ සමුළුව-2018 අද (13) කොළඹ දී

Mohamed Dilsad

Leave a Comment