ප්‍රමුඛ පුවත 1

වර්ෂාව තවදුරටත් – දිස්ත්‍රික්ක කීපයකට නායයෑමේ අනතුරු ඇගවීම්

(UTV | කොළඹ) –  මේ දිනවල දිවයිනට ඇදහැලෙන අධික වර්ෂාව සහිත කාළගුණය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත් වලට මෙන්ම ගාල්ල, මාතර, අනුරාධපුරය යන දිස්ත්‍රික්කවලට මෙම වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව කුරුණෑගල , කැගල්ල හා රත්නපුර ඇතුලු දිස්ත්‍රික් කිහිපයක් සදහා පණවා ඇති නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් බලාත්මක බව ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ පවතින වැසි තත්වය සම්බන්ධයෙන් ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි.

මේ අතර, තම්බෝව, රාජාංගණය, දැදුරුඔය, අංගමුව සහ කුකුළේ ගඟ යන ජලාශවල තවදුරටත් වාන් දොරටු විවෘතව පවතී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඒ.එච්.එම්.ෆවුසි ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

චීන – ආසියා මාධ්‍ය හුවමාරු වැඩසටහන ආරම්භ වේ

Mohamed Dilsad

කාලිංග ඉන්දතිස්ස මහතා නිතිඥ සංගමයේ සභාපති ධුරයට තරග කරයි..

Mohamed Dilsad

Leave a Comment