ප්‍රමුඛ පුවත 1

අගමැති ජනපති කොමිසම හමුවට

 

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වී ගබඩා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 2015 – 2018 රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද(23) පෙනී සිටීමට නියමිතයි.

අග්‍රාමාත්‍යවරයාට පෙරවරු 10.30 ට කොමිසම හමුවට පැමිණෙන ලෙසට ට දැනුම් දී තිබේ.

පසුගිය 18 වනදා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණත් යාපනයේ පැවැත්වෙන උත්සව කිහිපයකට සහභාගි වීමට ඇති බැවින් තමන්ට එදින කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව දැනුම් දුන් අතර අද කොමිසම හමුවේ පෙනී සිටීමට අවස්ථාව සලසා දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා කොමිසමෙන් ඉල්ලා තිබුණේය.

වී අලෙවි මණ්ඩලයේ හිටපු සභාපති බණ්ඩාර දිසානායක ලබාදුන් සාක්ෂි අනුව පසුගියදා ජනාධිපති කොමිසම හමුවේ මැතිවරණ වේදිකාවේ ලබා දුන් පොරොන්දු මත මත්තල ගුවන්තොටුපලෙහි වී ගබඩා කිරීමට තීරණය කළ බව අනාවරණ තිබේ.

2015 දී ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැතිවීම මත එම පහසුකම් ලබා ගැනීමට ගුවන්තොටුපල බලධාරින් සමග සාකච්ඡා කළ බව එහිදී සදහන් කළ හිටපු සභාපතිවරයා, වටිනා වායු සමීකරණ ඇතුළු පද්ධතීන් පවතින බැවින් එහි ගබඩා පහසුකම් ලබාදීම ගුවන්තොටුපල බලධාරින් තරයේ ප්‍රතික්ෂේප කළ බව ද කොමිසම හමුවේ අනාවරණ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසැල් වල ආරක්ෂාව තහවුරු කිරීමට තවත් චක්‍ර ලේකයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය සැමරීමට රටවල් 118ක උත්සව පැවැත්වෙයි

Mohamed Dilsad

අනතුරකින් සිසුන් හත්දෙනෙකු රෝහලේ

Mohamed Dilsad

Leave a Comment