(උදයම්,කොළඹ) – සිංගගප්පූරුවේ සිට නීති විරෝධී ලෙස ගෙන එන ලද කිලෝ ග්රෑම් 10ක් පමණ බරැති ස්වර්ණාභරණ තොගයක් රේගු භාරයට ගෙන තිබේ.
ඒවායේ වටිනාකම රුපියල් කෝටි හතක් මපන වන බව ගුවන් තොටුපල රේගුව පවසයි.
අද අලූයම එකට පමණ ඩුබායි සිට පැමිණි ග්රෑන්ඞ්පාස් ප්රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා සිය ගමන් මල්ලේ සූක්ෂම ලෙස අසුරා මෙම රන් ආභරණ තොගය රැගෙනවිත් ඇති අතර ඔහුගෙන් රේගුව තවදුරටත් ප්රශ්න කිරීම් සිදුකරමින් සිටින බව සඳහන්ය.