ප්‍රමුඛ පුවත 1

ඉකුත් ආණ්ඩුවේ කුරිරු පාලනයක් ගෙන ගිය පුද්ගලයන් නැවතත් කරලියට

(UTV | කොළඹ) – රාජපක්ෂ රජය සමයේදී කුරිරු පාලනයක් ගෙන ගිය පුද්ගලයෝ අද නැවත රට තුළ මිනීමරු යුගයක් ඇති කිරීම සඳහා ව්‍යාජ අහිංසකත්වයක් රටට පෙන්වමින් බැටලු හම පොරවාගෙන ජනතාවට සහන ලබාදෙන බවට ප්‍රකාශ කිරීමට උත්සාහ කරන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ කටාන නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස,

“ප්‍රතිවාදී අපේක්ෂකයා අද වේදිකාවක් වේදිකාවක් පාසා ගොස් ඔහු අහිංසක පුද්ගලයෙක් බව ඔහුගේ මුවින්ම ප්‍රකාශ කරමින් ව්‍යාජ අහිංසකත්වයක් ජනතාවට පෙන්වනවා. ජනතාවට සහන ලබා දෙන බවට පොරොන්දු ලබා දෙමින් සිටිනවා. නමුත් ඔහු බලයේ සිටි පසුගිය රජය සමයේදී ජනතාව ජීවත් වීමට නොහැකිව සහන ඉල්ලන විට මෙම අහිංසක කියා ගන්නා ප්‍රතිවාදියා වෙඩි උණ්ඩ වරුෂා ලබා දී සහන ඉල්ලන ජනතාව ඝාතනය කළා. රතුපස්වල ජනතාව බීමට පානීය ජලය නොමැතිව පාලකයින්ට දුක කියන විට වෙඩි තබා ජනතාව ඝාතනය කළා. සේවක අර්ථසාධක අරමුදල අවභාවිතාවට විරුද්ධව කටානේ ජනතාව පාරට බහින විට රොෂාන් චානක ඝාතනය කළ ජනතාවට මතකයි. මීගමුවේ ධීවර ජනතාව ඉන්ධන සහන ඉල්ලා පාලකයින්ට දුක කියන විට මෙම අහිංසක පුද්ගලයින් ප්‍රනාන්දු මහතාව ඝාතනය කළා. බලයේ සිටියදී මෙම අහිංසක පුද්ගලයින් සිදු කළ මිනිස් ඝාතන, වංචා, දූෂණ පිළිබඳ ජනතාවට තොරතුරු ඉදිරිපත් කළ ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් විශාල පිරිසක් ඝාතනය කිරීම, අතුරුදන් කිරීම් සිදුකළා. අද බැටලු හම පොරවාගත් ව්‍යාජ අහිංසකයෝ සහන ලබා දෙන බවට බොරු පොරොන්දු ලබා දී ජනතාව රවට්ටමින් මිනීමරු යුගයක් ආරම්භ කරන්න සූදානමින් සිටිනවා.

මීගමුවේ සිටින ලොකුම කුඩු ජාවාරම්කරු සමග වේදිකාවේ අත උස්සාගෙන සිටින ප්‍රතිවාදී අපේක්ෂකයාට මෙරට කුඩු ජාවාරම විනාශ කරන්න පුළුවන්ද.මිනිසාට හිංසා කරන්න, මිනිස් ඝාතන සිදු කරනවට තමන් කිසිසේත්ම අකැමැති වුවත්, රටේ ලක්ෂ සංඛ්‍යාත දූ දරුවන් විනාශ කිරිම බලා සිටිය නොහැකි නිසා එය වැළැක්වීම සඳහා දැඩි දඬුවම් ලබා දීමට මම කටයුතු කරනවා.

රටේ පාසල් දරු දැරියන් ලක්ෂ සංඛ්‍යාවක් සහ තරුණ පරපුර, මුළු ජන සමාජයම විනාශ කරන, කුඩු මුදලාලිලාට සහ ත්‍රස්තවාදී ක්‍රියා සිදුකළ පුද්ගලයින්ට එරෙහිව සර්ව සාධාරණ නීතියක් යටතේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට විරුද්ධ ඇත්තෝ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ කොහොමද? රටේ අනාගතය ගොඩනගන්නේ කොහොමද ? පසුගිය රජය සමයේ පෞද්ගලික හේතුන්, අමනාපකම් මත මිනිස්සු ඝාතනය කළ පුද්ගලයන් අද අහිංසක බව ප්‍රකාශ කරනවා

ලෝකයේ රටවල් සමග සාකච්ඡාකර විදේශ ආයෝජන, විදේශීය සහයෝගය ලබා ගෙන මාතෘ භූමිය ගොඩ නැගීමේ ශක්තිය තමන්ට තිබෙනවා ” යැයි ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිතෙන් හෙට සිට කාන්තාවන්ට වෙනම දුම්රිය මැදිරියක්.

Mohamed Dilsad

සෞඛ්‍ය අමාත්‍යාංශය ගුවන් හමුදාව සමඟ ගිවිසුම් ගත වෙයි

Mohamed Dilsad

තැපැල් වෘත්තිය සමිති අද මධ්‍යම රාත්‍රී සිට සංකේත වැඩ වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment