ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණය ගැන යුරෝපා සංගමයෙන් නිවේදනයක්

(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ සහ ජාතික සංහිඳියාවේ ඉදිරි ගමන සඳහා මෙවර ජනාධිපතිවරණය අතිශය වැදගත් වන බව යුරෝපා සංගමය පවසයි.

මැතිවරණ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම නිකුත් කල නිවේදනයක මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ ආරාධනයකට අනුව මෙවරද  මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් අනුයුක්ත කර ඇති බව මෙම නිවේදනයේ දැක්වේ.

2015 ජනාධිපතිවරණය ඇතුලු මීට ඉහත අවස්ථා 5 කදීද මෙලෙසම සිය කණ්ඩායම් ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල යෙදවූ බවයි යුරෝපා සංගමය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය ශක්තිමත් කිරීමට ලබාදෙන සහයක් ලෙස එය හඳුන්වාදිය හැකි බව යුරෝපා කොමිසමේ උප සභාපතිනී ෆෙඩ්රිකා මොගරිනි මහත්මිය සඳහන් කරයි.

සිය නිරීක්ෂණ කටයුතු පූර්ණ විනිවිදභාවයකින් යුතුව සිදුකරන බවට  යුරෝපා සංගමය සහතික වී ඇත.

30 දෙනෙකුගෙන් සමන්විත දිගු කාලීන නිරීක්ෂක කණ්ඩායමක් යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට එවා ඇති අතර මැතිවරණයේ අවසාන සතියේදී තවත් කෙටිකාලීන නිරීක්ෂකයන් 30 දෙනෙකු ඔවුන් සමග එක්වීමට නියමිතය.

මේ අනුව නොවැම්බර් 16 වනදා ජනාධිපතිවරණය අවසන්වීමෙන් පසු  ඒ සම්බන්ධයෙන් මූලික වාර්තාවක්ද අනතුරුව නිර්දේශ සහ නිගමන ඇතුළත් පූර්ණ නිරීක්ෂණ වාර්තාවක්ද ඉදිරිපත් කිරීමටයි යුරෝපා සංගමය සූදානමින් සිටී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති KDU විද්‍යාපීඨ රෝහලේ හදිසි නිරීක්ෂණයක [VIDEO]

Mohamed Dilsad

දුම්රිය අත්‍යාවශ්‍ය සේවයක් කිරීමේ ගැසට් නිවේදනය අද එයි

Mohamed Dilsad

කොදෙව් කණ්ඩායමේ පුහුණුකරුට තරඟ තහනමක්

Mohamed Dilsad

Leave a Comment