ප්‍රමුඛ පුවත 1

පාස්කු ප්‍රහාරය සාධාරණය කොට වීඩියෝවක් නිකුත් කළ ‍මවුලවිට ඇප

 

(UTV | කොළඹ) – වව්නියාව මහාධිකරණය විසින් පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව එම ප්‍රහාරය සාධාරණීය කරමින් ෆේස්බුක් හරහා විඩියෝවක් නිකුත් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් වව්නියාව සෙට්ටිකුලම ප්‍රදේශයේ ‍මවුලවිවරයෙකු ඊයේ (23) ඇපමත නිදහස් කිරීමට නියෝග කර ඇත.

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව විදේශයක සිට පාස්කු ප්‍රහාරය සාධාරණීය කරමින් එම්.මුනවුජිත් මවුලවි නමැති සැකකරු මුස්ලිම් ජනතාවගේ නැගී සිටීම සාධාරණය කරමින් පසුගිය මැයි මාසයේදී ෆේස්බුක් හරහා වීඩියෝවක් නිකුත් කර තිබිණි.

මැයි මස 11 වැනිදා සැකකරු විදේශගතව සිට නැවත පැමිණෙන අවස්ථාවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අධිකරණයට ඉදිරිපත්කළ සැකකරු අනුරාධපුර බන්ධනාගාර ගතව සිටියදී පසුගිය 22 වැනිදා වවුනියාව මහාධිකරණය වෙත ඉදිරිපත් කොට තිබු අතර, එහිදි මහාධිකරණය සැකකරු වෙනුවෙන් ඇප නියම කොට ඇත.

ඇප කොන්දේසි 22 වැනිදා සම්පූර්ණ නොකර තිබූ අතර සැකකරු ඊයේ (23) දිනයේ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීම හේතුවෙන් ඇප පිට නිදහස් කිරීමට කොට තිබිණ.

වව්නියාව පොලීසිය හා ත්‍රස්ත විමර්ශන ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට හිටපු ඇමති රිෂාඩ් සම්බන්ධ නොමැති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තේරීම් කාරක සභාවට කියයි

Mohamed Dilsad

චීන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීමට සුදානම්

Mohamed Dilsad

දකුණු පළාතේ වෛද්‍යවරු වැඩවරති

Mohamed Dilsad

Leave a Comment