ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

පොල් සඳහා පැනවූ උපරිම සිල්ලර මිල ඉවතට

 

(UTV | කොළඹ) – 2017 දෙසැම්බර් 06 වැනි දින සිට බලපැවැත්වුනු 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20(5) වැනි වගන්තිය යටතේ ක්‍රියාකරමින් කිසිම නිෂ්පාදකයෙකු, ආනයනකරුවකු, අසුරන්නකු, බෙදාහරින්නෙකු හෝ වෙළෙන්දකු විසින් පොල් ගෙඩියක් සඳහා නියම කරන ලද උපරිම සිල්ලර මිල වූ රු. 75 ට වඩා වැඩියෙන් වෙළෙඳාම් කිරීම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළෙඳාම සඳහා ප්‍රදර්ශනය නොකළ යුතු බවට නියෝගය අහෝසි කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති, ආචාර්ය ලලිත් එන්. සෙනවීර ගේ අත්සනින් යුතුව මෙම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර ඊයේ (23) දින නිකුත් කරන ලද 2146/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි මේ බව සඳහන් කර තිබේ.

2019 ඔක්තෝබර් 23 දින සිට මෙම නියෝගය බලපැවැත්වෙන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමීතිය පිළිබද සොයා බැලීම සදහා ස්වාධීන අධිකාරියක්

Mohamed Dilsad

පාඨලීගේ නඩුව පිලිබඳ ගමමන්පිල කතා කරයි [VIDEO]

Mohamed Dilsad

කැබිනට් රැස්වීම පාර්ලිමේන්තුවේදී

Mohamed Dilsad

Leave a Comment