ප්‍රමුඛ පුවත 1

ජනපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා අද තැපෑලට

 

(UTV | කොළඹ) – ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම අද (25) සිදු කෙරේ.

මැතිවරණ කොමිසම සඳහන් කරන ආකාරයට ඉන් අනතුරුව තැපැල් දෙපාර්තමේන්තුව ඡන්ද දායකයින් වෙත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදුකරනු ඇත.

එම කටයුතු නොවැම්බර් මස 09 වැනිදායින් අවසන් වන අතර ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත් තැපැල් කාර්යාල වෙත ගොස් අනන්‍යතාවය තහවුරු කිරීමෙන් එය ලබාගත හැකියි.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම ලබන 31 සහ නොවැම්බර් මස 01 වැනිදා සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ සඳහා වන තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතුද මේ වනවිට සිදුවෙමින් පවතී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පිපිරීම් වලින් මිට ගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළට

Mohamed Dilsad

ජාතික පොලිස් කොමිසමට නව ලේකම්වරයකු පත් කර ගැනිමට අවධානය

Mohamed Dilsad

අයවැය දෙවනවර ඡන්ද විමසීම අද

Mohamed Dilsad

Leave a Comment