ප්‍රමුඛ පුවත 1

වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි වැඩිවෙයි

(UTV | කොළඹ) –  දිවයිනට ගිණිකොණ දිග දෙසින් වායුගෝලයේ වර්ධනය වෙමින් පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පළාත් කිහිපයකට බලපා ඇති වැසි තත්ත්වය හෙට (26) සිට වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මේ අනුව උතුර , නැගෙනහිර , උතුරුමැද , සහ ඌව පළාත්වලත් බස්නාහිර වයඹ සහ සබරගමුව පළාත්වලත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද තැනින් තැන වැසි ඇති විය හැකි බව කාළගුණ නිවේදනයේ සදහන්.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී සුළං සහ අකුනු මගින් සිදුවිය හැකි අනතුරු අවමකර ගැනීමට පියවර ගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

රාජාංගනය, තබ්බෝව සහ දැදුරු ඔය ජලාශවල වාන් දොරටු තවමත් විවෘතව පවතින අතර, රත්නපුර, කෑගල්ල, කළුතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලට පැන වූ නායයෑමේ අවදානම ද මේ වනවිටත් ක්‍රියාත්මකයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැඳුම්කර සිද්ධියේ කෝප් කමිටු වාර්තාව අද විවාදයට

Mohamed Dilsad

අරුවක්කාලු කසළ අංගනය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට මුහුණදීමට වන බලපෑම් පිළිබඳ රජයේ අවධානය

Mohamed Dilsad

සයිටම් ගැටලුවට සාධාරණ විසදුමක් දෙන බවට ජනපතිගෙන් GMOAට පොරොන්දුවක්

Mohamed Dilsad

Leave a Comment