(UTV | කොළඹ) – තම රජයක දූෂණයට ඉඩක් නොමැති බවත් දූෂිතයන්ට උපරිම දඬුවම් ලබා දෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසයි.
ඒ අද (25) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී සිදු කෙරුණු ”ගෝඨාභය රට හදන සෞභාග්‍යෙය් දැක්ම” යන ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමට සහභාගී වෙමින්.
පසුව උත්සව සභාව අමතමින් සිය ඉදිරි දැක්මේ අඩංගු කරුණු ඔහු විසින් පැහැදිලි කරනු ලැබිය.
එහි ඔහු විසින් ප්‍රකාශ කරන ලද කරුණු කිහිපයක් පහතින් දැක්වේ.
“ලංකාව ඒකීය රටක් බෙදා වෙන් කිරීමට දෙන්නේ නෑ.
උසාවිවල ගොඩ ගැසී ඇති නඩු ඉක්මනින් අවසන් කිරීමට අදාළ යටිතල පහසුකම් ලබා දෙනවා.
ජනතාවගේ ජීවන බර හා එදිනෙදා වියදම් අඩු කිරීමට කඩිනම් සහන පැකේජයක් අපි නොබෝ දිනකින් හඳුන්වා දෙනවා.
ජනතා කේන්ද්‍රීය ආර්ථිකය තුළින් සෑම පුද්ගලයෙකුටම ආර්ථික ශක්තියක් ලබාදෙනවා.
දුප්පත්කම සහමුලින්ම නැති කිරීමට කටයුතු කරනවා.
අනාගත පරපුර කාටවත් අතනොපා ජීවත්වන ඵලදායි පුද්ගයන් බවට පත්කරනවා.
වර්තමාන ආර්ථික කේන්ද්‍රය ආසියාවට නැඹුරුවෙමින් පවතිනවා.
දැනුමින් සන්නද්ධ තරුණ පරපුරක් බිහික කළ යුතු වෙනවා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකරණවා. උසස්පෙළ සමත් සෑම සිසුවෙකුටම සරසවි වරම් ලබාදෙනවා.
හෙද පාඨමාලාව අවුරුදු 4ක් දක්වා දීර්ඝ කරනවා.
ව්‍යාපාරිකයන්ට පහසු පරිසයක් නිර්මාණය කළ යුතුයි. කල් පැනගිය නීති රීති යාවත්කාලීන කරනවා.
රටට ගැලපෙන ලෙස ආදායම් බදු පනත වෙනස් කරනවා. ජනතාවගේ බදු බර අඩු කරනවා.නි ෂ්පාදන බදු, හා ආර්ථික සේවා හා රඳවා ගැනීමේ බදු ඉවත් කරනවා.
වාහන සම්බන්ධයෙන් පනවා ඇති විවිධ බදු වෙනුවට සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා.
උපයනවිට බදු අහෝසි කරනවා. බදු අයකර ගැනීමේ ඇති විශාල විශමතා ඉවත් කරනවා.
සේවා ආර්ථිකයේ විශාල වර්ධනයක් අපි බලාපොරොත්තු වෙනවා.
සංචාරක ව්‍යාපාරය වසරකට ඩොලර් බිලියන 10ක් උපයන සැලැස්මක් බවට පත්කරනවා.
ඉදිරි වසර පහ තුළ රැකියා අවස්ථා ලක්ෂ 10 ක් උත්පාදනය කරනවා.
ලංකාව දකුණු ආසියාවේ ව්‍යාපාරික කේන්ද්‍රස්ථානය බවට පත්කරනවා.
ආහාර සුරක්ෂිතතාව අද ලෝකයේ සෑම රටකටම වැදගත්. ලංකාව තුළ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට විදිමත් වැඩ පිළිවෙලක් සකස් කරනවා.
පොහොර සහනාධාරය නොමිලයේම ලබාදෙනවා. කෘෂි කර්මාන්තය තුළ කාබනික පොහොර භාවිතය වැඩි කරනවා.
රට තුළ පොහොර නිශ්පාදනය වැඩි කරනවා. කාබනික පොහොර භාවිතයෙන් කරන කෘෂි නිෂ්පාදන සඳහා ලෝකයේ නමක් ඉහළ කරනවා.
කෘෂි නිශ්පාදන ප්‍රතිඅපනයනය තහනම් කරනවා. ගොවි ණය සම්පූූර්ණයෙන් කපා හැරීමට බලාපොරොත්තු වෙනවා.
ජල හිඟයට පිළියමක් ලෙස වාරිමාර්ග හා වැව් ප්‍රතිසංස්කරණය කරනවා.
වැවිලි කර්මාන්ත සේවකයන්ට රුපියල් 1000ක වැටුප් ලබාදෙනවා.
ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීමට කටයුතු කරනවා.
තරුණ පරපුර කෘෂිකර්මාන්තය ට හා ධීවර කර්මාන්තයට ආකර්ශනය කර ගන්නවා.
පරිසරය සුරැකීම අපේ මූලික අරමුණක්.
හැකිතාක් පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය පිළිබඳ වැඩි අවාධානයක් යොමුකරනවා.
කාන්තා දායකත්වය ආර්ථිකයට ඉතාමත් වැදගත්.
කාන්තාවන්ට නිවසේ සිට රැකියා කිරීමේ අවස්ථාව වැඩි කරනවා.
කාන්තා ව්‍යවසායිකාවන්ට අවශ්‍ය ණය පහසුකම් ලබාදෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම කෙටි කලක් තුළ අවසන් කිරීමට අපි කටයුතු කරනවා.
අනාගත රජයක් තුළ දේශපාලනික මෙන්ම ආයතනික දූෂණ වැළැක්වීමට ක්‍රමවත් වැඩ පිළිවෙළක් අපි සකස් කරනවා.
දූෂිතයන්ට කඩිනම් දඬුවම් ලබාදෙනවා.
මගේ රජයක දූෂණයට කිසිම විට ඉඩක් නෑ.
සෞභාගයේ දැක්මේ කිසිම ආකාරයක දේශපාලන හිස් පොරොන්දුවක් නෙමෙයි.
වගකීම් ඉතාමත්ම ඉහළින් ඉටුකරන බවට ප්‍රතිඥා දෙනවා ”
අනතුරුව ප්‍රතිපත්ති ප්‍රකාශනය නව තාක්ෂණය ඔස්සේ තරුණ ප්‍රජාවට භාර කිරීම ගෝඨාභය රාජපක්ෂගේ අතින් සිදුකෙරුණු අතර, පසුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය වෘත්තියවේදීන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් හා දේශපාලනඥයින් වෙත පිරිනමනු ලැබිය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]