ප්‍රමුඛ පුවත 1

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ඇරඹේ

 

(UTV | කොළඹ) –  ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද (26) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

එම කටයුතු ලබන මස 9 වනදා දක්වා තැපැල් කාර්යාල මට්ටමින් සිදුකෙරෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න සදහන් කළේය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ලබන මස 3 වන ඉරුදින නම් කර ඇත.

ලබන මස 9 වනදා වනවිටත් ඡන්ද දැන්වීම් පත්‍රිකා තම නිවසට නොලැබුණේ නම් ළගම පිහිටි තැපැල් කාර්යාලය වෙත ගොස් අනන්‍යතාව තහවුරු කර ඒවා ලබා ගන්නා ලෙස තැපැල්පතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ග‍්‍රාමීය වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භය අදයි

Mohamed Dilsad

මෝදර මහවත්ත ප්‍රදේශයේ භූ ගත ඉන්ධන නළ එලීම අද සිට

Mohamed Dilsad

රේගු වර්ජනය තුන්වන දිනටත්

Mohamed Dilsad

Leave a Comment