ප්‍රමුඛ පුවත 1

රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මරුට

 

(UTV | කොළඹ) – අද (26) අලූයම කොහුවල – වලව්වත්ත පාර හන්දියේදී සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පැපිලියාන මාර්ගය හරහා පැමිණ ගම්සභා හන්දිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරෙන් බරපතල තුවාල ලබා යතුරුපැදියේ ගමන් ගත් තරුණයින් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මිය ගොස් ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 18 හැවිරිදි වියේ පසුවන පැපිලියාන සහ කොහුවල ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

මලයාසියානු අග්‍රාමාත්‍යවරයා සති අන්තයේ දිවයිනට

Mohamed Dilsad

2019 අයවැයෙන් සියලු රාජ්‍ය සේවක වැටුප් ඉහළට

Mohamed Dilsad

Leave a Comment