ප්‍රමුඛ පුවත 1

නිදහස් පොදුජන සන්ධානයේ තනතුරු බෙදීමේ තීරණය සඳුදා

 

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ තනතුරු බෙදී යන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ලබන සඳුදා කොළඹ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

ලබන 31 වනදා බ්‍රහස්පතින්දා පක්ෂ 20ක සහභාගීත්වයෙන්මෙම සන්ධානයේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට නියමිතව ඇත.

ආරංචි මාර්ග අනාවරණ කරන ආකාරයට මෙම නව සන්ධානය සඳහා සම සභාපතිවරුන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පත් කිරීමට නියමිතයි.

නව සන්ධානයේ ප්‍රධාන තනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයට හිමිවීමට නියමිත අතර, එහි ජාතික සංවිධායක ධුරය සහ නියෝජ්‍ය ලේකම් ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශවයට ලබාදීමට මේ වන විට එකඟතාවකට පැමිණ ඇති බව ද වාර්තා වේ.

එසේම මෙම නව සන්ධානය සඳහා කාරක සභාවක් සහ විධායක සභාවක් ද තෝරා ගැනෙන අතර, විධායක සභාවේ සියයට 51ක බහුතර නියෝජනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදීමට නියමිත බව වැඩිදුර ආරංචි මාර්ග පවසයි.

මෙම නව සන්ධානය ජනාධිපතිවරණයෙන් අනතුරුව පැවැත්වෙන මහ මැතිවරණය සඳහා තරඟ කරන ඡන්ද ලකුණ පිළිබඳව ද සඳුදා පැවැත්වෙන සාකච්ඡාවේදී අවසන් තීරණයකට එළඹීමටයි නියමිතව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිනුවන්ගොඩ සිද්ධියට අදාල තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

ඡන්දය සලකුණු කරන අයුරු මහින්ද දේශප්‍රිය පැහැදිලි කරයි [VIDEO]

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment