ප්‍රමුඛ පුවත 1

දීපාවලී වෙනුවෙන් ජනපති – අගමැති සුභ පතයි

(UTV | කොළඹ) –  ලෝකයේ රටවල් රැසක වෙසෙන හින්දු බැතිමතුන් මහත් බැතියෙන් හා හරසරින් සමරන දීපවාලි සංස්කෘතික මංගල්‍යය මෙරට තුළ පමණක් නොව අනෙකුත් රටවල් අතර ද සහෝදරාත්මක බැඳීමක් ඇති කර ගැනීමෙහිලා සාධනීය අවස්ථාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ ක‍රයි.

දීපවාලි උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

“දහසකුත් දුක්ඛ දෝමනස්සයන් ස්වකීය අදිටනින් මැඬපවත්වා මානව සමාජය හිමි කර ගන්තා වූ සතුට, ජයග්‍රහණය සහ නිදහස සමරනු වස් ලෝකවාසී ජනතාව නොඑක සැමරුම් පවත්වා තමන් දිනූ ජයග්‍රහණය සමරති. ඒ අයුරින්ම මිනිසාගේ අවගුණයන් සේ සැලකෙන මමත්වය, ඊර්ෂ්‍යාව, කෝපය හා ක්‍රෝධය ඉක්මවා සාමය, සමඟිය හා ප්‍රේමය ආදී යහ ගුණයන් ජීවිතයට අත්කර ගැනීමේ අපේක්ෂා පෙරදැරිව හින්දු භක්තිකයෝ ආලෝක පහන් දල්වා සමරන්නා වූ දීපවාලී සැමරුම් වෙනුවෙන් සුබපැතුම් එක්කරන්නට ලැබීම පිළිබඳ මම බෙහෙවින් සතුටට පත්වෙමි.

බෞද්ධ ජනයාගේ වෙසක් උළෙල බදු හින්දූන්ගේ ආලෝක පුජාව වන දීපවාලිය එහි ගැඹුරු අරුතින් සුරාසුර සටනින් නපුරත් අයහපතත් පරදවා මානව සමාජයට නිදහස අත්පත් කර දුන් ඓතිහාසික සැමරුමක් බව පෙනී යයි. ඒ අරුතින් සංහිඳියාවේ ‍අපේක්ෂා පෙරදැරිව වෙසෙන අපට වාර්ගික සංහිඳියාවත් අන්‍යෝන්‍ය අවබෝධයත් ඇති කර ගැනීමෙහිලා මෙබදු සංස්කෘතිකාංග බෙහෙවින් ඉවහල් වනු ඇතැයි යන්න මගේ හැඟීමයි.

එසේම ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන් පමණක් නොව ඉන්දියාව, නේපාලය, සිංගප්පූරුව, මැලේසියාව ඇතුළු රටවල් රැසකම වෙසෙන ලෝකවාසී හින්දු බැතිමතුන් ද මහත් බැතියෙන් හා හරසරින් සමරන දීපවාලී සංස්කෘතික මංගල්‍යය මෙරට තුළ පමණක් නොව මෙකී රටවල් අතර ද සහෝදරාත්මක බැඳීමක් ඇති කර ගැනීමෙහිලා සාධනීය අවස්ථාවක් ලෙස මම දකිමි.

එබැවින් මිනිස් සිත් සතන් තුළ පවත්නා මෝහාන්ධකාරය දුරුවී ප්‍රඥාවේ ආලෝකය පහළ වන්නට දීපවාලිය වෙනුවෙන් දැල්වෙන පහන් හේතුවේවා. හින්දු බැතිමතුන්ගේ මේ ආලෝක මංගල්‍යය සමරන සැමටම එයින් අපේක්ෂිත සතුට සැනසුම හා චිර ජීවනය සැලසේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි “. යනුවෙනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද දීපවාලී උත්සවය වෙනුවෙන් සුභ පැතුම් එක්කඑමින් සදහන්කර සිටියේ , සියලූ පුරාණෝක්ති, සම්ප්‍රදායන්, ආගමික පිළිවෙත් තුළින් ප්‍රමුඛව අවධාරණය කෙරෙනුයේ මිනිසා තුළ සහ සමාජය තුළ පවතින අයහපත නමැති අන්ධකාරය පළවා හැර යහපත නමැති ආලෝකය දල්වා ගත යුතු බව බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට සෞඛ්‍ය සේවය ඇගයීමට ලක් කෙරේ

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ජනපතිට සුභ පැතුම්

Mohamed Dilsad

ලෝක තැලසීමියා දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment