විදෙස්

චිලී ජනාධිපති අමාත්‍ය මණ්ඩලය ඉවත් කරයි

(UTV | කොළඹ) – චිලී දේශයේ ජනාධිපති සෙබස්තියන් පිනේරා එරට සමස්ත අමාත්‍ය මණ්ඩලය එම තනතුරුවලින් පහකිරීමට පියවරගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

ආණ්ඩු විරෝධී උද්ඝෝෂනවලට හේතුවූ කරුණුවලට පිළියමක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති පිනේරා එරට අමාත්‍ය මණ්ඩලය ඉවත් කරමින් ප්‍රකාශ කළේ විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්වලට විසඳුම් සැපයිය හැකි නව රජයක් පිහිටුවීමට ඉඩ සැළසිය යුතු බවත්ය.

ඒ අනුව චිලී දේශයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් නුදුරේදීම සිදුකෙරෙනු ඇති අතර , සතියක් පුරා පැවති විරෝධතාවලින් පසු මිලියනයකට අධික චිලී දේශවාසීන් සිකුරාදා සන්තියාගෝ අගනුවරට රොක්වූයේ සමාජ අසාධාරණයට එරෙහිව පියවර ගන්නා ලෙස ආණ්ඩුවට බලකරමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොවපුරා කොරෝනා ආසාදිතයින් ගණන කෝටිය ඉක්මවයි

Mohamed Dilsad

මෙක්සිකෝවේ නගර 20ක ජනතාව ට්‍රම්ප්ට එරෙහි වෙයි

Mohamed Dilsad

ඉන්දියානු ප්‍රහාරක ගුවන් යානා පකිස්ථාන ත්‍රස්ත කඳවුරකට ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment