විදෙස්

අයි.එස්. නායකයා මියගිය බවට ඇමරිකාවෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – ඉස්ලාමිය රාජ්‍ය සංවිධානය හෙවත් අයි.එස්. සංවිධානයේ නායක අබුබකර් අල් බග්ඩාඩි ඇමරිකානු හමුදා වයඹ දිග සිරියාවේ සිදුකළ හමුදා මෙහෙයුමක් අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇතැයි විශ්වාස කරන බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රවෘත්ති සේවා සඳහන් කළේ ඒ පිළිබඳව අවසන් නිගමනයකට එළඹීම සඳහා ඩී.එන්.ඒ. සහ ජීව දත්ත පරීක්ෂා කළ යුතු බවයි.

ඇමෙරිකානු භට පිරිස් ISIS නායකයා සැඟවී සිටි ස්ථානය ඉලක්ක කර ගනිමින් සිදුකළ මෙහෙයුමේදී ඔහු විසින් තම සතුව තිබූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් පුපුරුවා ගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අයි.එස්. නායකයා සිටින ස්ථානය සොයාගැනීම සඳහා සී.අයි.ඒ. ඔත්තු සේවාව සහය වූ බවද ඇමරිකානු මාධ්‍ය වැඩිදුරටත් සඳහන්කර සිටියේය.

මුළු මහත් ලෝකයටම තර්ජනයක්ව සිටි අයි.එස්. නායක බග්ඩාඩි සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවත් වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පැරිස් නගරය අද රාත්‍රියේ සිට හුදකලා කෙරේ

Mohamed Dilsad

මහාතීර් මොහොමඩ් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

අමෙරිකාවේ කොරෝනා මරණ සීග්‍රයෙන් ඉහලට

Mohamed Dilsad

Leave a Comment