විදෙස්

ඉන්දියාවම හඬවමින් සුජිත් ජීවිතය හැර යයි

(UTV | කොළඹ) – පසුගිය සිකුරාදා පසුවර්වේ සිට ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ ළිං කුහරයක් තුළ සිරවී සිටින සුජිත් නම් වයස අවුරුදු 02 ක් පමණැති දරුවා මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය තහවුරු කළේය.

මෙම දරුවා දින හතරක් පුරාවට අතහැරදාපු ළිං කුහරය තුළ සිරවී සිටි අතර මොහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඉන්දීය බලධාරීන් විශාල උත්සහයක් ගත්තත් එය දිනෙන් දින අපහසු තත්ත්වයකටයි පත්විය.

ඇදහැලුණු අධික වර්ෂාවත් සමග වගේම දරුවා සිරවී සිටින ළිං කුහරය වටා ඇති ඝණ පාෂාණ තට්ටුව හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම මන්දගාමී විය.

සුජිත් විල්සන් නැමැති මෙම දරුවා සිරවී සිටි ළිදේ විවරය තුලින් දුගදක් පැමිණ ඇති අතර ඒ පිළිබඳ සෝදිසි කළ බලධාරීන් සඳහන් කර ඇත්තේ ඊට අනුව දරුවා මියගොස් යම් කාලයක් ගත වී ඇති බවයි.

කුහරය තුළින් දරුවාගේ කිසිඳු ප්‍රතිචාරයක් නොමැතිවීමද හේතු කොටගෙන මෙහෙයුමේ නිරත බලධාරීන් තීරණය කර ඇත්තේ මුදා ගැනීමේ මෙහෙයුම් නතර කර දැමූ බවයි.

ඉන්දියාවේ ගම්බද ප්‍රදේශ ආශ්‍රිතව ඇති මෙවැනි අනාරක්ෂිත වගා ළිං හේතුවෙන් මීට පෙර අවස්ථාවලදීද දරුවන් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා විය.

කෙසේවෙතත් මුළු මහත් ලොවක්ම දෑස් අයාගෙන බලාගෙන සිටියේ සුජිත් කෙසේ හෝ නිරුපද්‍රිතව බේරාගන්නා තෙක්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවේ මිය ගිය තරුණයෙකුට MonkeyPox

Mohamed Dilsad

රැකියා විරහිත උපාධිධාරීන්ට අයැදුම්කළ හැකි වයස් සීමාව ඉහළට

Mohamed Dilsad

බිහාරයේ ගං වතුරින් 27 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment