ප්‍රමුඛ පුවත 1

නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම්වලට කුණු බැහැර කිරීම ලබන පළමුවනදා සිට තහනම්

(උදයම්,කොළඹ) – නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම්වලට කුණු බැහැර කිරීම මැයි මස පළමුවනදා (01) සිට තහනම් කර ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියට අයත් රජයේ කිසිඳු ඉඩමකට කුණු බැහැර කරලීම තහනම් කිරීමට එම අධිකාරිය තීරණය කර ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්යංශය පවසයි.
යම් නගර සභාවකට, ප‍්‍රාදේශීය සභාවකට හෝ රජයේ ආයතනයකට කුණු බැහැර කරලීමට භූමියක් අවශ්‍යවන්නේ නම් එම ආයතන සතු ප‍්‍රතිපාදනවලින් අදාළ වියදම පියවීමට සිදුවන බව ද එම අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දෙයි.
මීතොටමුල්ල කසල කන්ද නායයාමෙන් විපතට පත්වූ සියලූම පවුල්වලට තම  කණගාටුව පළ කරන අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා ,කුණු කන්ද හා අවට භූමිය විධිමත්ව පුනරුත්තාපනය කිරීම සඳහා  ශ‍්‍රී ලංකා යුද හමුදාවේ පූර්ණ සහය ඇතිව කටයුතු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරිපත් වී සිටිව බවයි.
එමෙන්ම මේ වන විට නිවාස 69 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් ඒ සෑම නිවසක් වෙනුවෙන්ම රජයේ ආධාර හිමිවන්නේ නම් නව නිවසක් ලබාදීමට කඩිනමින් පියවර ගන්නා බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Related posts

වවුචර් ක්‍රමය ඉවතට සිසුන්ට යළි නිල ඇඳුම් රෙදි

Mohamed Dilsad

ඉන්දීය ධීවරයින් හය දෙනෙකු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට

Mohamed Dilsad

හම්බන්තොට පාසල් අද වසයි

Mohamed Dilsad

Leave a Comment