(UTV | කොළඹ) – අයහපත් කාළගුණය හේතුවෙන් හක්මන, මුලටියන මාර්ගයේ දෙනගම බටහිර ප්‍රදේශයේ 18 කනුව හා බොකුටුව අතර පස්කන්දක් කඩාවැටීමෙන් මාර්ග බාධා එල්ලවී ඇති බව හක්මන පොලිසිය පවසයි.
ඊයේ (28) රාත්‍රී 9.00 ට පමණ මෙම පස්කන්ද කඩාවැටී ඇති අතර මේ හේතුවෙන් විකල්ප මාර්ග බාවිතා කරන ලෙසටත් ,
මේ සදහා රදාවෙල වලස්මුල්ල මාර්ගයද බටදොල ඇල්ලවෙල මාර්ගය ද බාවිතා කල හැකි බවත් පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි.
ඇද හැලෙන වර්ෂාවත් සමග මේ ප්‍රදේශයේ පහත්බිම් රැසක් ද ජලයෙන් යටවී තිබෙන අතර , හක්මණ ප්‍රාදේශිය සභාවේ බැකෝ යන්ත්‍ර යොදා පස් ඉවත්කිරීම් සිදුකිරීම ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]ු