ප්‍රමුඛ පුවත 1

කොටුව – බදුල්ල නව නගරාන්තර දුම්රිය සේවයක්

(UTV | කොළඹ) –  උඩරට දුම්රිය මාර්ගය සදහා මගීන්ගෙන් ඇති අධික ඉල්ලුම සැලකිල්ලට ගනිමින් S-14 වර්ගයේ බලවේග කට්ටල දුම්රියක් එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 

‘දෙනුවර මැණිකේ’ ලෙස නම් කර ඇති මෙම සුඛෝපභෝගී දුම්රිය ලබන මස පළමු වනදා සිට කොළඹ කොටුවෙන් ධාවන කටයුතු ආරම්භ කර බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.

මෙහි පළමු පන්තියේ මැදිරි 2 කින්, දෙවන පන්තියේ මැදිරි 2 කින් සහ 3 වන පන්තියේ මැදිරි 03 කින් සමන්විත වේ.

මෙම සියළුම පන්තිවල ආසන කලින් වෙන්කර ගත හැකි අතර , මෙම සුඛෝපභෝගි දුම්රියේ සියළු මැදිරි සදහා මහජන ඇමතුම් පද්ධතියක්ද ස්ථාපිතය.

පළමු පන්තියේ වායු සමනය කළ මැදිරි තුළ රූපවාහිනි, ජංගම දුරකතන ආරෝපන පහසුකම්වලින්ද යුක්ත බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති මහින්දට එරෙහි පෙත්සම විභාගය 30 වනදා

Mohamed Dilsad

ජනාධිපතිවරයා හෙට රුසියානු සංචාරය ඇරඹීමට සුදානම්

Mohamed Dilsad

අල්ලස් කොමිසමට අලුතෙන් නිලධාරීන් 200ක්

Mohamed Dilsad

Leave a Comment