ප්‍රමුඛ පුවත 1

ඇප ඉල්ලා හේමසිරිගෙන් සහ පූජිත්ගෙන් ප්‍රතිශෝධන පෙත්සමක්

(UTV | කොළඹ) –  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඒ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තමන්ව ඇප මත මුදාහරින ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ නීතිපතිවරයායි.

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම් සිදුකළ බවට චෝදනා කරමින් තමන්ව රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කළ බව අදාළ පෙත්සමෙන් දක්වා ඇත.

ඊට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව ඇප මත මුදා හළ බව පෙන්වා දෙන පෙත්සම්කරුවන්, ඉන්පසුව නීතිපතිවරයා විසින් ඊට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ බව ද සඳහන් කර ඇත.

ඉන්පසුව නීතිපතිවරයාගේ ප්‍රතිශෝධන පෙත්සම විභාග කළ මහාධිකරණය විසින් ඇප නියෝගය අවලංගු කරමින් නැවත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවත් එම නියෝගය දෝෂ සහිත බවත් පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා අභියාචනාධිකරණය හමුවේ සඳහන් කර ඇත.

ඒ අනුව , ඔවුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තමන්ව ඇප මත මුදා හරිමින් මහාධිකරණය විසින් ප්‍රකාශිත නියෝගය නීති විරෝධී බවට තීන්දු කර එය බලරහිත කරන ලෙසත්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තරුණයින්ගෙන් ගුටි කෑ සිසුන් දෙදෙනෙකුට තුවාල

Mohamed Dilsad

පේරාදෙණිය සරසවියට නව පාඨමාලා 02 ක්

Mohamed Dilsad

නත්තල් සමරන කතොලිකයන්ට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් ආශීර්වාද [VIDEO]

Mohamed Dilsad

Leave a Comment