ප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්ද විමසීම සාමකාමීයි – කැෆේ

(UTV | කොළඹ) – අද (31) ආරම්භ වූ තැපැල් ඡන්ද විමසීම ඉතා සාමකාමීව පැවැති බව කැෆේ සංවිධානය ප්‍රකාශ කරයි.
එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගී ආරියවංශ මහත්මිය සඳහන් කළේ අද දිනයේ දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පිරිදි නිරීක්ෂකයින් යොදා තැපැල් ඡන්ද විමසීම නිරීක්ෂණය කළ බවයි.

කැෆේ සංවිධානය විසින් සිදුකළ  ජංගම නිරීක්ෂණ වලදී  ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිත ඇතැම් තැන්වල නීති විරෝධී ලෙස පෝස්ටර් අලවා තිබීම නිරීක්ෂණය වී ඇති අතර, ඊට අමතරව  කිසිදු සිදුවීමක් වාර්තා නොවුණු බව ඇය පැවසීය.

Related posts

ජනාධිපතිවරණයට පොලිස් මෙහෙයුම් මැදිරි 473ක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් නාවික හමුදාධිපතිතුමන් බැහැදකී

Mohamed Dilsad

Leave a Comment