ප්‍රමුඛ පුවත 1

දෙනුවර මැණිකේ මංගල ගමනේ

 

(UTV | කොළඹ) – ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් දෙනුවර මැණිකේ නගරාන්තර දුම්රිය සේවය අද (01) සිය මංගල ගමන සුබ මොහොතින් ආරම්භ විය.

දුම්රිය කොළඹ කොටුවෙන් පිටත් වූයේ උදෑසන 06.45ට වේ.

ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාද එක් වූ එම සමාරම්භක උත්සවයේදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ මගී අවශ්‍යතා සලකමින් මෙම නව දුම්රිය ධාවනයට එක් කළ බවයි.

දෙනුවර මැණිකේ නගරාන්තර දුම්රියට යොදා ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවට චීනයෙන් ගෙන්වූ එස් – 14 වර්ගයේ නවතම බලවේග කට්ටලයයි.

පෙරවරු 06.45ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දෙනුවර මැණිකේ දුම්රිය පස්වරු 03.27ට බදුල්ලට ළඟා වේ.

බදුල්ලෙන් එම දුම්රිය කොළඹ කොටුවට ගමන් ආරම්භ කරන්නේ පසුදින පෙරවරු 07.20ටය.

දුම්රිය පස්වරු 04.03ට නැවත කොළඹ කොටුව පැමිණේ.

මෙම දුම්රිය වායු සමනය කළ පළමු පන්තියේ මැදිරි 02කින්ද , දෙවැනි පන්තියේ මැදිරි 02කින්ද, තුන්වන පන්තියේ මැදිරි 03කින් ද සමන්විත වේ.

භෝජන මැදිරිය ආසන 50කින් සමන්විතය.

දුම්රිය නවත්වන්නේ පොල්ගහවෙල, පේරාදෙණිය, ගම්පොල, නාවලපිටිය, හැටන්, තලවකැළේ, නානුඔය, හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, ඇල්ල යන දුම්රිය ස්ථානවල වේ.

වායු සමනය කළ පළමු පන්තියේ කොළඹ කොටුවේ සිට බදුල්ලට ප්‍රවේශපත්‍ර ගාස්තුව රු.1700කි.

දෙවැනි පන්තිය සඳහා රු.1000.00ක්ද තුන්වන පන්තිය සඳහා රු.700.00ක ප්‍රවේශපත්‍ර ගාස්තුවක්ද අය කෙරේ.

නවතම පහසුකම් සහිත මෙම දුම්රියේ සියලුම මැදිරි සඳහා මහජන ඇමතුම් පද්ධතියක්, ජංගම දුරකතන ආරෝපණ පහසුකම් මගී ආසන සඳහා hand free පහසුකම්ද ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැසිල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට සිතාසි නිකුත් කෙරේ

Mohamed Dilsad

සැවොයි සිනමාහල අසල තිබු සැක කටයුතු යතුරු පැදියක් පුපුරුවයි.

Mohamed Dilsad

දුම්රියකට ගල් ප්‍රහාරයක් රියදුරු රෝහලේ

Mohamed Dilsad

Leave a Comment