විදෙස්

අයි.එස්. සංවිධානයෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්

(UTV | කොළඹ) – අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් – බග්ඩාඩි මිය යාමත් සමඟ එම සංවිධානයේ නව ප්‍රකාශක හඬ පටයක් නිකුත් කරමින් ඇමරිකාවට අනතුරු අඟවා තිබේ.

ත්‍රස්ත සංවිධානයේ නව ප්‍රකාශක අබු හම්සා අල් කුරේෂි පැවසුවේ බග්ඩාඩිගේ මරණයේ පලිය ගන්නා බවයි.

එම හඬ පටයේ ඩොනල්ඩ් ට්‍රම්ප් උමතු මහල්ලෙක් බවත් නව නායක අබු ඊබ්‍රාහීම් අල්-හෂමි අල්-කුරේෂි ට අවනතව කටයුතු කරන ලෙසට මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා සිටි බවත් සඳහන්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව පසුගියදා අබු ඊබ්‍රාහීම් අල්-හෂමි අල්-කුරේෂි (Abu Ibrahim al-Hashemi al-Qurashi) සිය නව නායකයා ලෙස නම් කිරීමට අයි.එස් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය පියවර ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

‘තියඩෝර් රූස්වෙල්ට්’ හි නාවිකයන් කොරෝනා වෛරසයෙන් මිය යෑමේ අවධානමක

Mohamed Dilsad

මාලදිවයින් ජනපති සියළු චෝදනා වලින් නිදහස්

Mohamed Dilsad

ලෝ පුරා ඉන්ස්ටග්‍රෑම් සහ මැසෙන්ජර් සේවාවන් බිඳ වැටේ

Mohamed Dilsad

Leave a Comment