ප්‍රමුඛ පුවත 1

හඳුනා ගත නොහැකි හැදුනුම්පත් සඳහා මැතිවරණයට තාවකාලික හැදුනුම්පත්

(UTV | කොළඹ) – 1442මේ වනවිට භාවිත කරන ජාතික හැදුනුම්පත හෝ අනෙකුත් අනන්‍යතා පත්‍ර හදුනාගත නොහැකි මට්ටමක පවතින්නේ නම් එවැනි පුද්ගලයන් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා තාවකාලික හැදුනුම්පත් ලබාගත යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අනන්‍යතාවය හඳුනා ගැනීම මැතිවරණයේදී ජන්දය ප්‍රකාශ කිරීමේදී අත්‍යාවශ්‍ය කරුණක් වන නිසා ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය අපැහැදිලි නම් එම පුද්ගලයා විසින් තමන්ගේ ග්‍රාම සේවක නිලධාරියා මුණ ගැසී මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත ලබා ගැනීමට කටයුතු කරන  ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දීමක් කරයි.

මේ අතර ජනාධිපතිවරණ රාජකාරී සදහා සම්බන්ධ වන නිලධාරීන් දැනුවත් කිරීමේ කටයුතු ඉදිරි දිනවලදී සිදු කිරීමට නියමිතය.

දිස්ත්‍රික් මට්ටමින් එම නිලධාරීන් දැනුවත් කිරීමේ සහ එම පුහුණු කටයුතු මේ වන විට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් සිදුකරමින් සිටිනවා.

එමෙන්ම ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරීන් සම්බන්ධයෙන් කොළඹදී ඊට අදාල පුහුණුවීම් සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

දිස්ත්‍රික් මට්ටමේ ගණන් කිරීමේ නිලධාරීන් සම්බන්ධයෙන් අදාල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් පුහුණුවීම් කටයුතු සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ඇමති S.Bට

Mohamed Dilsad

එජාපෙ නායකයන් සහ විපක්ෂ නායක අතර හමුවක්

Mohamed Dilsad

ත්‍රස්තවාදීන් සමග ගණුදෙනුවක් නෑ ඇමති රාජිත කියයි

Mohamed Dilsad

Leave a Comment