(UTV | කොළඹ) – නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද (03) දිනය නම් කර ඇත.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ලබන 9 දක්වා ක්‍රියාත්මක අතර , එම කටයුතු ආරම්භ කරනු ලැබුවේ පසුගිය මස 28 වැනිදායි.
ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සඳහා තැපැල්කරුවන් සහ ආදේශකයින් 9,000 ක් පමණ සේවයේ යොදවා ඇති අතර , අදාළ කාලය තුළ ඡන්ද කාඩ්පත් නොලැබුණු ඡන්ද දායකයින්ට තමන් පදිංචි ප්‍රදේශයේ තැපැල් කාර්යාල වෙත ගොස් අනන්‍යතාව තහවුරු කර ඒවා ලබාගත හැකියි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]