ප්‍රමුඛ පුවත 1

මීතොටමුල්ල සිද්ධිය ගැන සොයන්න ජපාන විශේෂඥය කණ්ඩායමක් සිකුරාදා දිවයිනට

(උදයම්,කොළඹ)  – අග්‍රාමාත්‍යතුවරයාගේ මැදිහත්වීම මත මීතොටමුල්ල සිද්ධිය පිලිබඳව සොයා බැලීම සඳහා ජපාන විශේෂඥය කණ්ඩායමක් ලබන සිකුරාදා වන විට දිවයිනට පැමිණෙන බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

අමාත්‍ය සාගල රත්නායක මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පස්වරුවේ දෙවැනි වතාවටත් මීතොටමුල්ල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම ස්ථානයට ගිය අමාත්‍යවරයා එම කටයුතු නිරීක්ෂණය කිරීමත් සිදු කළේය.ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ වනවිට ත්‍රිවිධ හමුදාවත් ශ්‍රී ලංකා පොලිසියත් විශේෂ කාර්ය බලකායත් සිදුකල මෙහෙයුම්වලින් ජිවිත 27ක් බේරාගෙන ඇති අතර තවත් අතුරුදහන්වූ පුද්ගලයින් 06 දෙනෙක් වන අතර ඔවුන් සොයා මේ වනවිට මෙහෙයුම් කටයුතු සිදුවන බවත්ය.

එමෙන්ම ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අවදානම් කලාප ලෙස නම්කර ඇති ප්‍රදේශයන්හි ජිවත්වන ජනතාව තාවකාලිකව වී අළෙවි මණ්ඩලයට අයත් මධ්‍යස්ථානයෙහි පදිංචි කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය සාගල රත්නායක කියා සිටියේ මීතොටමුල්ල කුණු කන්දට මින් පසු කලි කසල දැමීමක් සිදුනොවන බවය. අමාත්‍ය සාගල රත්නායක මහතා පසුව මෙහෙයුම් කටයුතු සිදුවන පන්සල් වත්ත ප්‍රදේශයේ සහ තාවකාලික පදිංචිකිරීම් සිදුකරන වී අලෙවි මණ්ඩලයේ මධ්‍යස්ථානයන්ද නිරීක්ෂණයට ලක් කළේය. මෙම අවස්ථාවට යුද හමුදාපතිවරයා, පොලිස්පතිවරයා ඇතුලු ජේෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.​

Related posts

නව රජ‍යේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි [VIDEO]

Mohamed Dilsad

අගමැති සහ TNA අතර සාකච්ඡාක්

Mohamed Dilsad

බස් ගාස්තු වැඩිවීම ගැන තීරණය අද කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

Leave a Comment