(UTV | කොළඹ) – ඡන්ද පත්‍රිකා සියල්ල මැතිවරණ කොමිසමට රජයේ මුද්‍රණාලය විසින් ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා සියල්ල මැතිවරණ කොමිසමට භාර දුන් බව ප්‍රකාශ කර තිබේ.
ඒ යටතේ නිල ඡන්ද පත්‍රිකා එක් කෝටි 70000 ලක්ෂයක් මැතිවරණ කොමිසමට භාරදුන් බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළාය.
මෙවර ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඒ අනුව සාර්ථකව අවසන් කළ බව ද ඇය සඳහන් කළා ය.
මේ අතර ජනාධිපතිවරණයට අදාළ අනෙකුත් ලිපි ලේඛන මුද්‍රණය මේ වනවිට ආරම්භ කර ඇති අතර එම ලිපි ලේඛන ද කඩිනමින් මැතිවරණ කොමිසමට භාර දෙන බව ගංගා කල්පනී ලියනගේ මහත්මිය වැඩිදුරටත් පවසා තිබේ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]