ප්‍රමුඛ පුවත 1

මුහුදෙන් ප්‍රංශයට යන්න ගිය පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ප්‍රංශය බලා යාමට පැමිණි පුද්ගලයින් 06 දෙනෙකු හලාවත වැල්ල මෝයකට ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශය බලා යාමට සුදානම් වූ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ නාවික හමුදා නිලධාරින් සහ හලාවත පොලිස් ස්ථානයේ නිලධාරින් එක්ව සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැකි වූ බවයි.

මෙහිදී  සැකකරුවන් පැමිණි කැබ් රථය, ප්‍රංශය බලා පිටත්වයාමට සූදානම් කර තිබූ ඩිංගි බෝට්ටු 02ක් සහ ටොලර් යාත්‍රාවක් ද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බත්තුළුඔය, උඩප්පුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28ත් 32ත් අතර වයස්වල පසුවන අය බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීනයේ “කුන්මින්” නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙළද ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා වෙළඳ කුටියක්

Mohamed Dilsad

කටුනායක මාර්ගයේ එක් මංතීරුවක් වසා දැමේ

Mohamed Dilsad

රුවන් විජේවර්ධන වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කෙරේ.

Mohamed Dilsad

Leave a Comment