ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව කල් තැබීමට තීරණයක්

 

(UTV | කොළඹ) – දෙසැම්බර් මස 3 වනදා දක්වාපාර්ලිමේන්තුව කල් තැබීමට පක්ෂ නායකයන් එකඟතාවකට පැමිණ ඇත.

පසුගිය 31 වනදා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදි මේ බව තීරණය කර තිබේ.

ඒ අනුව අද පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු සභානායකවරයා විසින් සභාව කල් තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පක්ෂ නායක රැස්වීමේදී , පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම ඡන්ද බල ප්‍රදේශවල මැතිවරණ කටයුතුවල යෙදී සිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ ඝනපූරණය පවත්වාගෙන යාමේ ගැටළුවක් ඇති බවට අවධානය යොමුවී තිබිණි.

පාර්ලිමේන්තුව ඒ අනුව මෙලෙස දෙසැම්බර් 3 වනදා දක්වා කල් තැබීමට එකඟතාවකට පැමිණ තිබේ.

නවෝත්පාදනයට අදාළ ජාතික ප්‍රතිපත්ති රජයට නිර්දේශ කිරීම සඳහා ජාතික නවෝත්පාදන නියෝජිත ආයතන පිහිටුවීමේ පනත අද (07)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අපගේ වගකීම මහජනතාවට පක්ෂපතිව කටයුතු කිරීමයි- ප්‍රවෘත්ති අධ්‍යක්ෂ කියයි

Mohamed Dilsad

ඊශ්‍රායෙලයේ වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් පිටුවහල් කරයි…

Mohamed Dilsad

ආපනශාලාවක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment