ප්‍රමුඛ පුවත 1

අධික දූවිල්ල නිසා ස්වසන රෝග අවදානමක්

 

(UTV | කොළඹ) – කොළඹ නගරය ඇතුලූ ප්‍රදේශ කිහිපයක වායුගෝලයේ පවතින දූවිලි අධික තත්ත්වය නිසා කුඩා දරුවන්ට මුඛ ආවරණ පැළඳීම වඩාත් සුදුසු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මෙම තත්ත්වයත් සමඟ දරුවන්ට ඇතැම් විට ස්වසන අපහසුතා ඇතිවිය හැකි බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියේය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරණ ආකාරයට ඉන්දියාවේ නවදිල්ලි නුවර පවතින වායු දූෂණය මේ වනවිට ශ්‍රී ලංකාව දක්වා පැතිර ඇතැයි සැක මතුවී තිබේ.

කොළඹ නගරයට ඉහළ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය ඊයේ (06) වනවිට සියයට සියයකින් ඉහළ ගොස් ඇති බව එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කළේය.

කොළඹ නගරයේ ඉහළ අහසේ මේ දිනවල මීදුම වැනි තත්ත්වයක් දක්නට ලැබේ.

එලෙස පෙන්නුම් කරන්නේ මෙම දූවිලි අංශු වන අතර කියුබික් මීටරයකට මයික්‍රොග්‍රෑම් 50 ක් ලෙස සම්මතව පවතින වාතයේ කුඩා අංශු ප්‍රමාණය ඊයේ දහවල් වනවිට මයික්‍රොග්‍රෑම් 70 දක්වා ඉහළ ගොස් තිබිණි.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයද ඊයේ පස්වරුවේ යාවත්කාලීන කළ කොළඹ වායු ගුණාත්මක දර්ශකයට අනුව එය සෞඛ්‍යයට අහිතකර බව දක්වා පවසා තිබේ.

මීට අමතරව දිවයිනේ තවත් පළාත් කිහිපයකින්ම මෙම තත්ත්වය වාර්තාවන අතර, ඇදුම සහ ස්වසන රෝග සහිත පුද්ගලයින් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවිය යුතු බව ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම බෙංගාල බොක්කේ මේ වනවිට පවතින පීඩන අවපාතය හේතුවෙන් සිදුව ඇති සුළං හැමීමේ රටාවේ වෙනස්වීමද මෙම තත්ත්වයට තවත් හේතුවී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෝදර වෙඩි තැබීමක්

Mohamed Dilsad

ඇලොසියස්-පලිසේන ඇතුළු සිව්දෙනකුට නොතීසී.

Mohamed Dilsad

විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉල්ලුම් කිරිමේ කාලය දිර්ඝ කෙරේ..

Mohamed Dilsad

Leave a Comment