ව්‍යාපාරික

ලංකා සතොසේ ‘අභිමාන’ ලෝයල්ටි කාඩ් පත හෙට සිට

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාවේ පළමු වරට ක්‍රියාත්මක වන එෆ්.එම්.සී.ජී (FMCG) ලෝයල්ටි කාඩ්පත නොවැම්බර් 08 වනදා දියත් කිරීමට නියමිතය.

ලංකා සතොස තම ගනුදෙනුකාර සාමාජිකයන් සදහා මෙම ලෝයල්ටි කාඩ්පත හදුන්වාදෙනු ලබයි.

මෙරට විශාලතම සිල්ලර සුපිරි වෙළඳසැල් දාමය වන ලංකා සතෝසා ලිමිටඩ් (එල්. එස්. එල්) සිය පාරිභෝගික ජාලය පුළුල් කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

‘අභිමාන’ ලෝයල්ටි කාඩ් පත සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පසුගිය 05 වනදා ද සිය අමාත්‍යංශ නිළධාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරනු ලැබීය.

ලංකා සතෝසා ලිමිටඩ් (එල්. එස්.එල් ) සිය දිවයින පුරා පිහිටි ශාඛා ජාලය 423 දක්වා ව්‍යාප්ත කළ අතර එය අද ශ්‍රී ලංකාවේ විශාලතම සුපිරි වෙළඳසැල් ජාලය බවට පත්ව තිබේ.

‘අභිමාන’ කාඩ්පත ප්‍රථම වරට පාරිභෝගිකයාට නිකුත් කරන විට නාමික දායක ගාස්තුවක් අය කළ යුතු අතර විශ්‍රාමිකයින්ට, රජයේ සේවකයින්ට සහ හමුදා නිලධාරීන්ට නොමිලේ නිකුත් කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

LG ස්මාර්ට්ෆෝන් වෙළෙඳපොළෙන් ඉවතට

Mohamed Dilsad

අධ්‍යාපන මෘදුකාංගයක් අඩු මිලට හඳුන්වාදීමට APPLE සමාගම සුදානම්

Mohamed Dilsad

ණය තිරසරභාවය ළඟා කරගැනීම ට පැවති අවිනිශ්චිතතා අවසන් -ඇමති ශෙහාන්

Editor O

Leave a Comment