ප්‍රමුඛ පුවත 1

සජිත් සහ ගෝඨාගේ යෝජනාවකට ජනපති විරෝධය

 

(UTV | කොළඹ) – රසායනික පොහොර නොමිලයේ ලබාදෙන බවට මෙවර ජනාධිපතිවරණයේ ප‍්‍රධාන පක්ෂ දෙකේ ම අපේක්ෂකයන් කර ඇති යෝජනාවට තමා එකඟ නොවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.

අද (07) පෙරවරුවේ කලු ගඟ ජලාශයේ දියවර මංගල්‍යය හා අඹන නව නගරය ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට එක්වෙමින් ජනපතිවරයා මේ බව පැවසුවේය.

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ රසායනික පොහොර භාවිතය වකුගඩු රෝගය ඉහළයාමට ප‍්‍රධාන හේතුවක් වී ඇති බවට මේ වන විට තහවුරු වී ඇති බවත් ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ගොවීන්ට පහසුකම් සැලසීම දේශපාලන නායකයන්ගේ වගකීම වුව ද සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමට බාධාවක් වන තීන්දු තීරණවලට කිසිවිටෙකත් එළැඹිය යුතු නොවන බවයි.

සෞඛ්‍ය සම්පන්න නීරෝගි ජාතියක් වෙනුවෙන් රසායනික පොහොර භාවිතයෙන් බැහැරව කාබනික පොහොර භාවිතා කිරීමේ ප‍්‍රතිපත්තියක් කරා රට ගමන් කළයුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රධාන පෙලේ අපරාධකරුවන් ඇතුළු 15 දෙනෙක් බූස්ස බන්ධානාගාරයට

Mohamed Dilsad

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සිදුවීම් ගැන විමල්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

හෂිනි අමේන්ද්‍රා රත්නායක ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment