ප්‍රමුඛ පුවත 1

ඥාණසාර හිමිට එරෙහිව ගොනුකර ඇති පෙත්සමට දින නියම වෙයි

(UTV | කොළඹ) –  පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සමක් සලකා බැලීමට ලබන වසරේ පෙබරවාරි 17 වනදා කැඳවන ලෙසට අභියාචනාධිකරණය නියම කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ එම පැමිණිල්ල අද (08) කැඳවනු ලැබීය.

මුලතිව් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තිනි ශ්‍රී ස්කන්ධරාජා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබීය.

අදාළ පෙත්සමෙන් දක්වා ඇත්තේ පසුගියදා ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන උත්සවය එම විහාර භූමියේ නොපවත්වන ලෙස දන්වමින් මුලතිව් අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් තහනම් නියෝග කර තිබූ බවත් , එම නියෝගය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම තුළින් ඥානසාර හිමියන් , මුලතිව් ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ මුලතිව් පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව චෝදනා කරමින්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“ඉදිරි පරම්පරාවන්ට සාමය හා සහජීවනයේ වටිනාකම නොඅඩුව දායාදකිරීම යුද්ධ හමුදාවේ ප්‍රමුඛ වගකීමයි”-යුද්ධ හමුදාපති

Mohamed Dilsad

2019 තුන්වන පාසල් වාරය අදින් ආරම්භ වෙයි

Mohamed Dilsad

ගෝඨාභය⁣ට එරෙහි පෙත්සම හෙටට කල් යයි

Mohamed Dilsad

Leave a Comment