විදෙස්

වින්ටෝ නගරාධිපතිනියව තීන්ත වලින් නහවා කෙස් වැටිය කපා දමයි [VIDEO]

(UTV | කොළඹ) –  බොලිවියාවේ වින්ටෝ නගරයේ නගරාධිපතිනිය විපක්ෂයේ ආධාරකරුවන් විසින් මහමඟ ඇදගෙන ගොස් රතු තීන්ත තවරා ඇගේ කෙස් වැටිය ද කපා දමා විවිධ ශාරීරික පීඩා සිදුකරන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ විදෙස් මාධ්‍ය ඔස්සේ වාර්තා විය.

එරට ජනාධිපති ඊවෝ මොරාලෙස් නැවත බලයට පත් කරමින් පැවති ජනාධිපතිවරණයෙන් පසු බොලිවියාවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ආධාරකරුවන් අතර හටගත් ගැටුම් තවමත් අවසන් වී නොමැති අතර , ජනාධිපතිවරණය දූෂිත බවට චෝදනා කරන විපක්ෂයේ ආධාරකරුවන් සහ පොලීසිය අතර ගැටුම් නිරන්තරයෙන් වාර්තා වෙයි.

මේ වාතාවරණය හමුවේ වාර්තා වූ එක් සිදුවීමක් වන්නේ වින්ටෝ නගරයේ නගරාධිපතිනිය වන පැට්රීෂියා ආසේට සිදුවූ අනපේක්ෂිත සිදුවීමයි.

නගරාධිපතිනිය පැය කිහිපයකට පසුව පොලීසිය වෙත භාරදීමට විපක්ෂයේ ආධාරකරුවන් කටයුතු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉතාලි අගමැති සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

සුළි කුණාටුවකින් ඉතාලියේ දෛනික කටයුතු අඩාලයි

Mohamed Dilsad

ටොනේඩෝ තත්ත්වයකින් ඇමරිකාවේ18 දෙනෙකු මරුට(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment