ක්‍රීඩා

තරඟ පාවාදෙන්නන්ට නව පනතින් දැඩි දඬුවම්

(UTV | කොළඹ) – ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත මඟින් තරඟ පාවාදීම්, තරග පාවාදීමට අනුබල දීම වැනි තොරතුරු වසන් කරන්නන්ට එරෙහිව දැඩි දඩුවම් පමුණුවන බව ක්‍රීඩා අමාත්‍යවරයාගේ නීති උපදේශක පණ්ඩුකාභය හර්ෂ කීර්තිනන්ද මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ක්‍රීඩා අමාත්‍යංශයේදී ඊයේ (07) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.

ඊයේ (07) දිනයේ යම් ප්‍රමාදයක් මත ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අතපසු වූ බව පණ්ඩුකාභය හර්ෂ කීර්තිනන්ද මහතා වැඩිදුරටත් පැවසුවේය.

ඔහු කියා සිටියේය මෙම පනත සභා සම්මත කර නීතියක් බවට පත් කිරීමට අනුමැතිය හිමිව ඇති අතර මෙය ලංකාවේ පමණක් නොව ආසියාවේ ද පළමුවරට ඉදිරිපත් කරනු ලබන පනතක් බවයි.

ක්‍රීඩාවට යම් පාවා දීමක් කරනු ලැබු හෝ දූෂණ, නීති විරෝධි ඔට්ටු ඇල්ලීමක් වැලැක්වීම සඳහා හෝ වරදවා සිදුවුවහොත් මහාධිකරණයක නඩු විභාගයකින් පසුව, සම්පූර්ණයෙන්ම චෝදනාවේ වැරදිකරු බවට පත් වුවහොත් මිලියන 100 දක්වා දඩයක් හා වසර 10ක සිරදඩුවමකට ලක්වෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම පනතට අදාළව යම් කිසි පුද්ගලයෙකු විසින් දුෂිත ක්‍රියාවක් සිදුකර එයට තොරතුරු ලබා දීම මඟහැරියේ නම් එයට වසර 2ක සිරදඩුවමක් හා ලක්ෂ 3 දඩයකට යටත්වන අතර මෙය ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති සියලූම ක්‍රීඩා සඳහා මෙම නීතිය යටත්වෙන බව පණ්ඩුකාභය හර්ෂ මහතා කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලියොනාල් මෙසීට මාස 3ක ජාත්‍යන්තර තරඟ තහනමක්

Mohamed Dilsad

2021 IPL අදින් ඇරඹෙයි

Mohamed Dilsad

නවසීලන්ත තරඟාවලිය ගැන දිමුත් කියන අලුත්ම කතාව

Mohamed Dilsad

Leave a Comment