දේශීයප්‍රමුඛ පුවත 1

ජනපති සහ අගමැතිගෙන් නබිතුමන්ගේ ජන්ම දිනයට සුබ පැතුම්

(UTV| කොළඹ) – ඉස්ලාම් බැතිමතුන් මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය සමරන මිලාදුන් නබි උත්සවය අදට (10) යෙදී තිබේ.

මිලාදුන් නබි උත්සවය වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනද සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර ඇත.

නබි නායකතුමාගේ ඉගැන්වීමට අනුව කිසිදු පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට වඩා ජාතිය, කුලය, වර්ණය අනුව උසස් වන්නේ හෝ පහත් වන්නේ ද නොමැති බව ජනාධිපතිවරයා එහි දක්වා තිබේ.

මේ අතර මිලාදුන් නබි උත්සවය වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර ඇත.

අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නබි නායකතුමන්ගේ ජන්ම දිනය සමරන මේ මොහොතේ එතුමන්ගේ වටිනාකම අනුව යමින් අන්තවාදයන් පරදවා යහපත් සමාජයක් නිර්මාණය කිරීමට ඉස්ලාම් බැතිමතුන් දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෙටි කාලීන හා සුළු වැරදි නඩු කටයුතු විද්‍යුත් ක්‍රමවේදයකින්

Mohamed Dilsad

හොරොව්පොතාන නගරය හෙට වසා දැමේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්.

Mohamed Dilsad

Leave a Comment