ක්‍රීඩා

ලබන වසරේ සිට අයි.පී.එල් තරගාවලියේ වෙනසක්

(UTV | කොළඹ) –  ලබන වසරේ සිට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය වෙනුවෙන් නිපන්දු නිරීක්ෂණය කිරීම සඳහා අමතර රූපවාහිනී විනිසුරුවෙක් යොදා ගැනීමට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලි සංවිධායක කමිටුව තීරණය කර ඇත.

පසුගියදා අයි.පී.එල් සංවිධායක කමිටු රැස්වීමේ මේ පිළිබඳව අවධානය යොමුවී ඇති අතර , එහිදී තෙවැනි සහ සිව්වන විනිසුරුට අමතරව මෙම විනිසුරු යොදා ගැනීමට එහිදී තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අත්හදා බැලීමක් ඉදිරියේ පැවැත්වෙන දේශීය තරඟාවලියකදී සිදු කිරීමට ද නියමිතව ඇත.

මීට අමතරව , මේ වන විට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ද නිපන්දු නිරීක්ෂණය කිරීම සඳහා අමතර රූපවාහිනී විනිසුරුවෙක් යොදා ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ අදින් ඇරඹේ

Mohamed Dilsad

ලොව විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය අදින් ඇරඹේ

Mohamed Dilsad

මිකී ආතර් පාකිස්තානයට

Mohamed Dilsad

Leave a Comment