ප්‍රමුඛ පුවත 1

අපේක්‍ෂකයින් දෙදෙනාගෙන් එක් අයෙකුටවත් බහුතරය නොලැබුණ හොත්?

(UTV | කොළඹ) – ප්‍රධාන පක්‍ෂ දෙකේ ජනධිපති අපේක්‍ෂකයින් දෙදෙනාට බහුතර ලබා ගැනීමට නොහැකි වුණ හොත් නැවත මනාප ගණනය කිරීමකට යාමට සිදු වන බව මැතිවරණ කොමිසමේ සභපතිවරයා පවසයි.

මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙන්නේ ප්‍රධාන අපේක්‍ෂකයින් දෙදෙනාට සියයට 50ට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වුණ හොත් තෙවන ස්ථානයට වැඩිම මනාප හිමිවූ අපේක්‍ෂකයාගේ ඡන්ද පත්‍රිකා නැවත පරීක්‍ෂාවට ලක් කිරීමට සිදු වන බවයි.

එහිදී තෙවන පාර්ශවයට මනාප ලැබී ඇති ඡන්ද පත්‍රිකා යළි පරීක්‍ෂාවට ලක් කර ඉන් දෙවන මනාපය ලබාදී ඇත්තේ පළමු සහ දෙවන දෙදෙනාගෙන් කාටද යන්න තහවුරු කර ගෙන එම තෙවැන්නාගේ ඡන්ද පත්‍රිකා නැවත පළමු සහ දෙවන අපේක්ෂකයි අතර බෙදා වෙන් කරයි.

මේ අනුව එම ඡන්ද පත්‍රිකාවලින් බහුතරය ලැබෙන අපේක්‍ෂකයාට ජනධිපතිවරණයේදී ජයග්‍රහණය හිමිවේ.

(උදා :- අපේක්‍ෂකයින් A,B,C,D,E නම් A ට ඡන්ද 40ක් Bට ඡන්ද 35ක් චට ඡන්ද 15ක් දට ඡන්ද 6 ක් සහ Eට ඡන්ද 4 ක් වශයෙන් ලැබී තිබුණහොත් A සහ B අතරින් කිසිවෙකු බහුතරය හිමිකර ගෙන නොමැති නිසා C ලැබූ ඡන්ද වලින් අංක 2 යොදා  Aට සහ B ට ලැබී ඇති මනාප යළි ගණනය කරනු ලැබේ. ඉන් පසු A ට ඉන් ඡන්ද 4ක් සහ Bට ඡන්ද 6ක් ලැබුණහොත් A ට ඡන්ද 44 ක් වේ. B ට ඡන්ද 41 ක් හිමිව තිබේ.මේ අනුව ජය Aට හිමිවේ.)

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිස් නිලධාරියෙක් පිස්තෝලයකින් වෙඩි තබාගෙන සිය දිවි නසා ගෙන

Mohamed Dilsad

දේශීය සංචාරකයින්ට සීගිරිය නැරඹීමට නොමිලේ අවස්ථාව

Mohamed Dilsad

නියෝජ්‍ය කතානායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතා පත් වෙයි

Mohamed Dilsad

Leave a Comment