ප්‍රමුඛ පුවත 1

සැකකරුවෙකුට පොලිසියෙන් වෙඩි

(UTV | කොළඹ) – හෙරොයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පළා යෑමට උත්සහ කිරීමේ දී පොලීසිය සිදු කල වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

ඊයේ(11) පස්වරුවේ ගාල්ල නගර සභාව ඉදිරිපිට දී සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 33 යි මිලිග්‍රෑම් 600 ක් සමඟ මත්ද්‍රව්‍ය කාර්යංශ ගාල්ල ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු වයස අවුරුදු 34 ක් වු ජම්බුගස්වත්ත, පෝද්දල යන ලිපිනයේ පදිංචි අයෙකු බව පොලිසිය සඳහන් කළේය.

අද(12) දහවල් 12.20ට පමණ මෙම සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර ගාල්ල, කරාපිටිය රෝහලේ දී අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

එම අවස්ථාවේ දී සැකකරු පොලිස් නිලධාරින් තල්ලු කර පලා යෑමට උත්සහ දරා ඇති අතර එහිදී මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගාල්ල ඒකකයේ නිලධාරීන් විසින් වෙඩි තබා තිබේ.

මෙහිදී  සැකකරු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උසස් පෙළ ප්‍රතිඵල අද අන්තර්ජාලයට

Mohamed Dilsad

හඬ පරීක්‍ෂණකට එන්නැයි පොලිස්පතිට දැනුම් දීමක්

Mohamed Dilsad

රේගු සේවක වර්ජනය අද හත්වෙනි දිනටත්

Mohamed Dilsad

Leave a Comment