ප්‍රමුඛ පුවත 1

ඉන්දියාව එල්.ටී.ටී.ඊ යට පැනවූ තහනම තවත් දීර්ඝ කරයි

(UTV | කොළඹ) –  ප්‍රබල ත්‍රස්ත සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානය මත පැනවූ තහනම තවදුරටත් දීර්ඝ කිරීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ගත් තීරණය එරට විනිශ්චය සභාවක් විසින් තහවුරු කර ඇති බව වාර්තා වෙයි.

මෙම සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස සලකා බලමින් ඊට පනවා තිබූ තහනම වසර 5 කින් දීර්ඝ කිරීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුව පියවර ගත් අතර ,  ඇතැම් පාර්ශවවලින් ඊට විරෝධය එල්ල වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ ආණ්ඩුව විනිශ්චය සභාවක් ස්ථාපනය කරනු ලැබීය.

දිල්ලි මහාධිකරණ විනිසුරු සංගිතා දින්ග්‍රා ෂෙගාල්ගේ මූලිකත්වයෙන් යුතු එම විනිශ්චය සභාව විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස සලකා බලමින් ඊට පනවා තිබූ තහනම වසර 5 කින් දීර්ඝ කිරීමට මධ්‍යම ආණ්ඩුව ගත් තීරණය විමසා බැලීය.

ඒ අනුව මධ්‍යම ආණ්ඩුව ගත් තීරණය නිවැරැදි යැයි එම තීරණය තවදුරටත් තහවුරු කරමින් විනිශ්චය සභාව මධ්‍යම ආණ්ඩුවට දැනුම් දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රටේ සෑම පුරවැසියෙකුගේම ගරුත්වය සහ ආරක්ෂාව තහවුරු කෙරෙන වැඩපිළිවෙලක් – ජනපති

Mohamed Dilsad

පොලිස්පතිගේ හඬ පරීක්‍ෂණයේ වාර්තාව ලබන සතියේ

Mohamed Dilsad

ගුරුවරු අද උද්ඝෝෂණයක

Mohamed Dilsad

Leave a Comment