විදෙස්

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි සිඩ්නි නුවරටත් ව්‍යාප්ත වෙයි

(UTV| කොළඹ) –  පසුගිය දින කීපය පුරාවට ඕස්ට්‍රේලියාවේ – නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පැතිර යන ලැව්ගිනි මේ වනවිට එරට ජනාකීර්ණ නගරය වන සිඩ්නි නුවරට ද ව්‍යාප්ත වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ලැව් ගිනි පැතිරෙන ප්‍රදේශවලට බලපෑ ඇති සුළං සහිත කාලගුණ තත්ත්වය ගින්න මැඩලීමට බාධාවක් වී ඇති බව එරට බළධාරීන් සඳහන් කරයි.

ගින්න ව්‍යාප්ත වීම හේතුවෙන් සිඩ්නි නුවර වැසියන්ද ඉන් ඉවත් කිරීමට බළධාරීන් විසින් කටයුතු කර ඇත.

මේ වනවිට ලැව්ගිනි හේතුවෙන් නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, නිවාස 150 කට වැඩි සංඛ්‍යාවක් ගින්නට හසුව විනාශ වී ඇත.

දේපළ ද විශාල ප්‍රමාණයක් ලැව් ගින්න හේතුවෙන් විනාශ වී ඇති අතර , පාසල් 600 ක් පමණ වසා දැමීමට ද පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි තත්ත්වය දැඩි ව්‍යසනකාරී තත්ත්වයක් බවට පත්විය හැකි බවට ඇතැම් පිරිස් විසින් අනතුරු අඟවා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ටික්ටොක් ඇතුලු චීන Apps 59 ක් ඉන්දියාව තහනම් කරයි

Mohamed Dilsad

සංචාරක තහනමට ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකින් අභියෝග

Mohamed Dilsad

ග්‍රේටා තුන්බර්ග් ජ‍ර්මනියේ දී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment