ප්‍රමුඛ පුවත 1

ජනපතිවරණ නිරීක්ෂණය සඳහා නිළධාරීන් 4000 ක් – පැෆ්රල්

(UTV | කොළඹ) –  මෙවර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයින් 4000 ක් පමණ යෙදවීමට පියවර ගන්නා බව පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කරයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා මේ බව සඳහන්කර සිටියේ ඉදිරි මැතිවරණ නිරීක්ෂණ කටයුතු පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (13) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

16 වනදා ඡන්ද මධ්‍යස්ථාන අතුළත රැදී සිටිමින් පැෆ්රල් සංවිධානයේ 3000 ක ප්‍රමාණයක් ස්ථානගත නිරීක්ෂකයින් ලෙස නිරීක්ෂණ කටයුතු සිදු කරන බව ද ඔහු පැවසීය.

එමෙන්ම , ඡන්ද මධ්‍යස්ථාන අතරතුර නිරීක්ෂණ කටයුතු සඳහා ජංගම නිරීක්ෂණ රථ 225 ක් යොදවන්නටත් , ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂයින් 105 දෙනෙකු පුහුණුවීම් කටයුතු ආරම්භ කර ඇති බව ද එම සංවිධානය පවසයි.

මීට අමතරව ජනාධිපතිවරණයට අදාලව උතුරු පළාතේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා කැෆේ සංවිධානය නිරීක්ෂකයන් 425 දෙනෙකු අනුයුක්ත කර තිබෙන බව කැෆේ සංවිධානය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික ජනබලවේගයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අද සිට

Mohamed Dilsad

එ.ජා.පයට ලංකා කම්කරු කොංග්‍රසයේ සහය

Mohamed Dilsad

අධික වර්ශපතනයෙන් කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යට වේ [VEDIO]

Mohamed Dilsad

Leave a Comment