ප්‍රමුඛ පුවත 1

දුම්රිය කිහිපයක කාල සටහන සංශෝදනය කෙරේ

 

(UTV | කොළඹ) – ලබන 27 වනදා සිට උතුරු සහ මුහුදුබඩ දුම්රිය මාර්ගයන්හි දුම්රිය කිහිපයක ධාවන වේලාවන් වෙනස් කර තිබේ.

කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය පස්වරු 6 ට කන්කසන්තුරෙන් ගමන් ආරම්භ කරන අතර කොළඹ කොටුවෙන් රාත්‍රී 9 ට ගමන් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මේ අතර, බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරනු ලබන වේලාව පෙරවරු 6.15 ලෙස සංශෝධනය කර ඇත.

සංශෝධිත කාල සටහනට අනුව එම දුම්රිය සවස 3 ට මරදාන දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට නියමිත වේ.

පස්වරු 2 යි 15 ට බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ ගාලූ කුමාරි දුම්රිය සංශෝධිත කාල සටහනට අනුව පස්වරු 1 යි 35ට ගමන් ආරම්භ කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පේරාදෙණියේ වසා දැමුණු පීඨ යළි විවෘතයි

Mohamed Dilsad

රොහාන් දළුවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

පුත්තලමට සහ කොච්චිකඩේට පැනවූ ඇදිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

Leave a Comment