ප්‍රමුඛ පුවත 1

2019 හත්වන විධායක ජනාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසීම අදයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කරගැනීම සඳහා වන ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද (16) පෙරවරු 7 ට දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන 12,845 කදී ආරම්භ කරනු ලැබීය.

මෙවර සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන එක්කෝටි 59 ලක්ෂ 92,096 ක්.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (15) විශේෂ ප්‍රකාශයක් කරමින් ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටියේ, හැකිතාක් උදෑසනම ගොස් තමන්ගේ ඡන්දය භාවිතා කරන ලෙසටයි.

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත් වි ඇති අතර එය මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත්වු වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවයි.

මේ අතර මෙවර මැතිවරණයේද දෙස් විදෙස් නිරීක්ෂකයින් විසින් නිරීක්ෂන කටයුතු සිදු කරනු ලබන අතර ඒ අනුව ජනාධිපතිවරණය නිරීක්ෂණය කරන නිරීක්ෂකයින් ගණන පන්දහසකට අධික වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදේශ ඇමැති සහ ඉන්දීය අගමැති අතර හමුවක්

Mohamed Dilsad

සමන්තුරේ නිවුන් බිළිඳියන් දෙදෙනෙකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

මෙරට කසල ආනයනයට එරෙහිව ඇති රිට් පෙත්සමේ තීන්දුව අද

Mohamed Dilsad

Leave a Comment