ප්‍රමුඛ පුවත 1

සජිත් ප්‍රේමදාස එජාපයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වේ [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපතිවරණයෙන් ලද පරාජය තමන් පිළිගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.

එමෙන්ම 7 වන ජනාධිපතිවරයා වශයෙන් ජනාධිපතිවරණයෙන් තේරීපත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාට තමාගේ සුභාෂිංශන පිරිනමන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේය.

ඉදිරියේදී තමන්ගේ දේශපාලන කටයුතු සිදුකරනු ලබන ආකාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරනා බවයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසුවේය.

නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා කැපවූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු නිලධාරීන්ට සහ රටවැසියන්ට සිය ස්තුතිය පුදකරන බවයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස කියා සිටියේය.

තමන් සමඟ පුරා වසර 26ක් දේශපාලනය කිරීමේදී එකට සිටි සියළුම ජනතාවට සිය ස්තුතිය පුද කරන බවයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වෛද්‍ය මොහොමඞ් සාෆිට එරෙහි නඩුව අද විභාගයට

Mohamed Dilsad

ආනමාලූ රංග ඝාතන සිද්ධියේ සැකපිට තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් ගැන විධිමත් පරීක්‍ෂණයක්

Mohamed Dilsad

Leave a Comment