ප්‍රමුඛ පුවත 1

ජාතික ආරක්ෂාව සුරකීම රජයේ මූලික වගකීමක් – ජනපති ගෝඨාභය

(UTV | කොළඹ) – රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාට තමා සමඟ එක්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ප්‍රකාශකර සිටියේය.

ජාතික ආරක්ෂාව සුරකීම රජයේ මූලික වගකීමක් බවත් , සුරක්ෂිත රටක් කිරීමට රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය ශක්තිමත් කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

සිය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය ඇමතූ ජනාධිපතිවරයා ,

මගේ රටට ආදරය කරනවා. රට ගැන දැක්මක් තිබෙනවා. අපට තිබෙන්නේ, ජාතියක් ලෙස එකට එක්වී මේ රට ගොඩ නැඟීමේ වගකීමයි යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

‘ ජනාධිපති මැතිවරණ ජයග්‍රහනයේ ප්‍රධාන සාධකය අතිගරු මහා සංඝරත්නයේ ආශිර්වාදයයි. බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට ඇප කැප වෙනවා. තමාගේ ජයග්‍රහනයට සහයෝගය දැක් වූ සෑමට ස්තූතිය පුද කරනවා.අපට තිබෙන්නේ, ජාතියක් ලෙස එකට එක් වී මේ රට ගොඩ නැඟීමේ වගකීමයි.ප්‍රතිපත්ති ප්‍රකාශය මාගේ කාලය තුළ ක්‍රියාත්මක කරනවා. ජාතික ආරක්ෂාව සුරකීම රජයේ මූලික වගකීමක්. සුරක්ෂිත රටක් කිරීමට රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය ශක්තිමත් කරනවා.වෘත්තීය හා කාර්යක්ෂම රාජ්‍ය යන්ත්‍රණයක් ඇති කිරීමට කටයුතු කරනවා. දූෂණය මුලිනුපුටා දමනවා. කුසළතා වර්ධනයට ප්‍රමුඛතාව ලබදෙනවා. රටේ සෑම ක්ෂේත්‍රයටම නව තාක්ෂණය පුළුල් කරනවා. නීති ගරුක බව විනය ගරුක බව රකින රටක් ගොඩ නැඟීමට සැමගේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. සෑම දෙනාගේම පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. විශාල වැඩකොටසක් කෙටි කලක් තුළ ඉටු කිරීමට තිබෙනව.මගේ රටට ආදරය කරනවා. රට ගැන දැක්මක් තිබෙනවා යැයි පැවසීය ‘.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වර්ෂාවත් සමග ගංඟා 6 ක ජල මට්ටම ඉහළට

Mohamed Dilsad

මහත්මා ගාන්ධි චරිතය අධ්‍යයනය කර එහි ආදර්ශ කි‍්‍රයාවට නැංවීමට ජනපති ලෝක නායකයින්ට ආරාධනය කරයි

Mohamed Dilsad

මාකඳුරේ මධුෂ් සිදුකළ අපරාධ සම්බන්ධයෙන් පොලිස් වාර්තා කැදවයි.

Mohamed Dilsad

Leave a Comment